spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පල්ලියේ මුරකරු ඝාතනය කර පිං කැටය කඩා මුදල් රැගෙන යයි (ඡායාරූප සහ වීඩියෝ)

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර දෙකක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන් හිජ්රාපුර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි සිව්දරු පියෙක්.

අද අලුයම1ට පමණ ජුම්මා පල්ලියේ තාප්පයෙන් පැන ඇති කිසියම් පුද්ගලයෙකු මුරකරු විවේක ගන්නා කාමරය වෙත ගොස් පැමිණ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවයි හැටන් ජුම්මා පල්ලියේ අනුශාසක ඒ.ජේ.එම්. ෆාමිස් මහතා සඳහන් කළේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම පල්ලියේ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් තිබීම හේතුවෙන් එය රැක ගැනීම සඳහා මුරකරුවෙකුගේ සේවය යොදාගත් බව පල්ලියේ භාරකාර මණ්ඩලය ප්‍රකාශ කළා.

සැකකරු පල්ලිය වෙත ඇතුල් වීම සහ පිං කැටය කඩන ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරනවා.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?