පල්ලියේ මුරකරු ඝාතනය කර පිං කැටය කඩා මුදල් රැගෙන යයි (ඡායාරූප සහ වීඩියෝ)

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර දෙකක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන් හිජ්රාපුර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි සිව්දරු පියෙක්.

අද අලුයම1ට පමණ ජුම්මා පල්ලියේ තාප්පයෙන් පැන ඇති කිසියම් පුද්ගලයෙකු මුරකරු විවේක ගන්නා කාමරය වෙත ගොස් පැමිණ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවයි හැටන් ජුම්මා පල්ලියේ අනුශාසක ඒ.ජේ.එම්. ෆාමිස් මහතා සඳහන් කළේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම පල්ලියේ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් තිබීම හේතුවෙන් එය රැක ගැනීම සඳහා මුරකරුවෙකුගේ සේවය යොදාගත් බව පල්ලියේ භාරකාර මණ්ඩලය ප්‍රකාශ කළා.

සැකකරු පල්ලිය වෙත ඇතුල් වීම සහ පිං කැටය කඩන ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරනවා.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17