පරිසරය ගැන වගකීම් ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට රජයෙන් තීරණයක් (වීඩියෝ)

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද නියමිත බවයි සාගල රත්නායක මහතා සඳහන් කළේ.

එසේම පරිසර දූෂණය වළක්වා පරිසරය රැක ගැනිමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාර්ය සාධක බලකායක් ද පත් කිරීමට නියමිත අතර පරිසරය සුරැකීමට අදාළ වැඩසටහන් සකස් කර එය ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙන බව ඔහු ප්‍රකාශ කළා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ වරාය නගරයේ කෘතිම වෙරළ තීරයේ දී (Beach Plaza) අද (16) පෙරවරුවේ පැවති වෙරළ පවිත්‍රතා වැඩසටහනට එක්වෙමින්.

අද දිනට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය හා අද සිට ඇරඹෙන සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙරළබඩ ආශ්‍රිත දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ස්ථාන 66 දී පවිත්‍රතා වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් හා මුහුද පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ අතර, එය මෙලෙස වරාය නගරයේ කෘතිම වෙරළ තීරයෙන් ආරම්භ වුණා.

සාගල රත්නායක මහතා ද වෙරළ පවිත්‍රතා කටයුතු සඳහා එක් වී සිටියා.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ සාගල රත්නායක මහතා,

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. වෙරළ පරිසරය, ඒ වගේම ජලාශ සහ ඇළදොල, ගංගා ආශ්‍රිත පරිසරය අපට ඉතාවැදගත්. එක් පසෙකින් දූපත් රාජ්‍යයක් ලෙස අපට ජල සම්පත වැදගත් වෙනවා. අනෙක් පසින් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන රටක් ලෙසත්, සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පරිසරය අප සෑම අවස්ථාවකදීම රැකගත යුතුයි.

ජනතාව තුළ අකල්මය වෙනසක් ඇති කිරීම, දැනුවත් කිරීම මෙන්ම විශේෂයෙන් දරුවන් අතර පරිසරය රැක ගැනීම කෙරෙහි අවබෝධයක් ලබාදීමට මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. එබැවින් මෙම වැඩසටහන සංවිධානය කළ සියලුදෙනාට මම ස්තුති වන්ත වෙනවා.

අප හැමදාම සිදු කළේ මෙවැනි මාතෘකා පිළිබඳ කතා කිරීම පමණයි. ඒ නිසා වැදගත් වන්නේ මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

මේ පිළිබඳ කටයුතු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන ගණනාවක් තිබෙනවා.

නාවික හමුදාවේ වගකීමක් නොවුණත් ඔවුන් ද මීට සහාය ලබා දෙනවා. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය යටතේ ගැසට් කළ සංචාරක කලාප තිබෙනවා. ‍

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති මෙම රාජ්‍ය ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට ද නියමිතයි. එම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු පවතින නීති ශක්තිත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කාර්ය සාධක බළකායක් ද පත් කිරීමට නියමිතයි. එහි වගකීම වන්නේ වැඩසටන් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය කිරීමයි.

ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම සහ තිරසර වැඩසටහන් ක්‍රියාත්මක කර පරිසර දූෂණය අවම කර ගැනීමට අප මෙම වැඩසටහන් මගින් බලාපොරොත්තු වෙනවා.

පරිසරය අපට ඉතා වැදගත්. අප පරිසරය ආරක්ෂා කර නොගතහොත් ඉදිරි පරපුරට පරිසරය අහිමි වී යා හැකියි.ඒ වගේම මෙරට ආර්ථිකයේ රඳා පැවැත්ම සහතික කළ හැක්කේ පරිසරය ආරක්ෂා කිරීම තුළින් පමණයි. එම සියලු වගකීම් රජයට පමණක් පැවරිය නොහැකියි.

පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ජනතාවට ද වගකීමක් තිබෙනවා. එම වගකීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ නිසා අපි ඒ වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවී සිටිනවා.

ඒ වගේම අඩු පාඩු මඟ හරවා ගනිමින් අප මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. අද ක්‍රියත්මක කර ඇති මෙම වැඩසටහන ඉතා වැදගත් බව කිවයුතුයි. එසේම මෙම වැඩසටහනට කලාව ද සම්බන්ධ කර ගැනීම ඉතා හොද ප්‍රවණතාවක්. ඒ වගේම මේ සඳහා තාක්ෂණය යොදා ගැනීමත් විශාල ශක්තියක් වෙනවා. මෙම වැඩසටහනට සම්බන්ධ වූ සියලු ආයතනවලට, දෙපාර්තමේන්තුවලට සහ ආරක්ෂක අංශවලට මම ස්තුතිවන්ත වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35