spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පක්ෂ පාට භේද අමෙරිකාවට එපා – ජාතිය අමතමින් බයිඞ්න් කියයි

පාට සහ පක්ෂ භේදයකින් තොරව සියලූ අමෙරිකානුවන් එක ලෙස දකින බව ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් පවසනවා. බෙදීමට නොව එක්සත් වීමට උත්සහ කරන ජනාධිපතිවරයෙකු වීම සිය අභිලාෂය බවයි ජෝ බයිඞ්න් පැවසුවේ. ඒ,  එරට වේලාවෙන් ඊයේ රාති‍්‍රයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්.

අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිපල මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොතිබුණත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ආසන ප‍්‍රමාණය ජෝ බයිඞ්න් විසින් මේවනවිටත් හිමිකර ගෙන තිබෙනවා. ඒ, මැතිවරණ ආසන 214 ක බලය තහවුරු කරගෙන සිටින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව මැතිවරණ ආසන 290 ක බලය තහවුරු කර ගනිමින්. ඒ අනුව එළඹෙන ජනවාරි 20 වනදා අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝසප් රොබිනේට් බයිඞ්න් දිවුරුම් දෙනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?