spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලේ අක්‍රීයව තිබූ පළමු ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට

පසුගිය 15 වනදා හදිසියේ අක්‍රීය වූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ (26) පස්වරුවේ සිට ජාතික පද්ධතියට මෙලෙස එක්කළ බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර සති අන්තයේදී ද පැය 03ක කාලයක් විදුලි කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිනක දී දිවා කාලයේ පැය 01යි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20ක් ලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?