spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙදර්ලන්තයට ලකුණු 87ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 87කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්තා.

නායක ස්කොට් එඩ්වඩ් ලකුණු 68යි. පන්දු යැවීමේදී Shoriful Islam, Taskin Ahmed, Mustafizur Rahman සහ Mahedi Hasan කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

ලකුණු 230ක ජයග්‍රාහී ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 142ක් පමණයි.

මෙහෙදි හසන් මිස්රා ලකුණු 35ක් රැස් කළා. පන්දු යැවීමේදී Paul van Meekeren බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 4ක් බිඳහෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?