spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිඥවරුන්ගේ විරෝධතාවක් ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි

නීතිඥවරු පිරිසක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

පසුගිය 18 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරු කණ්ඩායමක් නීතිපතිවරයාට අධිකරණය කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින ලෙස දන්වමිනුයි උද්ඝෝෂණයක නිරත වී තිබුණේ.

ඒ තුළින් මැතිවරණ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත උල්ලංඝනය වූ බව පවසන පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අධිකරණයට වාර්තා කර තිබෙනවා.

මෙම වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගෙන කරුණු වාර්තා කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?