නිහඬ කාලය නොවැම්බර් 11 මැදියම් රැයෙන් ඇරඹෙයි – පිරිත් නූල් බැඳලා ෆොටෝ දාන්න එපා !

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු නොවැම්බර් මස 11 වැනිදා (සඳුදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ සිදු කිරීමට සියලුම මැතිවරණ අපේක්ෂකයින්ට ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි.

මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදු කිරීමට නියමිතයි.

ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දුන්නා.

රාජකාරී සිදු කරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බව ද එම කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; නොවැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලය ඇරඹෙන බවත්; අපේක්ෂකයින්ගේ පවුල්වල උදවියට ඡන්ද ආයාචනා කිරීමේ අවස්ථාව අහිමි ව යන බවයි.

එමෙන්ම ගෙයින් ගෙට යාම ද නීතිවිරෝධී ක්‍රියාවක් බවත් හෙතෙම සඳහන් කළා.

ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකි බවත් පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්‍රචාරක කටයුතු නොකරන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39