නිවසක් තුල මව සහ දියණිය අභිරහස් ලෙස මියයයි

ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි මවකගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ ම පදිංචි මහමැදිලාගේ 50 හැවිරිදි මව සහ අවුරුදු 30ක් වයසැති දියණියයි.

නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගන්ධයක් හමන බවට ගිනිගත්හේන පොලිසියට ප්‍රදේශවාසින් විසින් කළ දැනුම් දිමක් මත සිරුරු දෙක සොයාගෙන තිබෙනවා.

මළ සිරුරු දෙකම නිදන කාමරයේ ඇද මත තිබු බවයි පොලිසිය කියා සිටියේ.

මියගිය කාන්තාවන් දෙදෙනා මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය බවත්, මියගිය කාන්තාවගේ සැමියා සහ පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව අනාවරණ වී තිබෙනවා.

මෙය සියදිවි හානි කර ගැනිමක් බවට සැකකරන ගිනිගත්හේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මීට සතියකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබුණා.

එලෙස සිරුරු සොයා ගැනුනේ ඇල්පිටිය ගනේගොඩ පදිංචි 69 හැවිරිදි කාන්තාවකගේ ඕමත්ත ප්‍රදේශයේ පදිංචි 80හැවිරිදි අවිවාහක කාන්තාවකගේ සිරුරක්.

කාන්තාවන් දෙදෙනා සිටි නිවසේ දොරවල් දහවල් වනවිටත් විවෘත නොකර තිබීම සම්බන්ධයෙන් පදේශවාසීන් විපරම් කිරීමේදී ඔවුන් දෙදෙනා මිය ගොස් සිටි අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණා.

මේ අතර දැරණියගල මලන්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබියදී ද කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු පසුගිය දෙවනදා සොයා ගැණුනා.

අභිරහස් ලෙස මියගොස් සිටි එම කාන්තාවන් දෙදෙනා සහෝදරියන් බවටයි අනාවරණ වී තිබුණේ. එම නිවසේ සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ මව රෝහල් ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13