spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිරිතදිග මෝසම සක්‍රීයවෙයි – ඉදිරි දින කිහිපයේ දී වැසි සහ සුළං

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමඟ අද (01) සිට ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර ඇතම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?