නියොකොව් ප්‍රභේදයත් ලංකාවට ?

දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ව්‍යාප්ත වුවහොත් එය ආසාදිත විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පැවසුවාය.

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අපිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතියි.

මෙය ආසාදිත වූ පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

නියොකොව් හෙවත් BA.2 ලෙස හැඳින්වෙන කොවිඩ් උප ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා 1.5ක ගුණයකින් සංසරණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් ද අභිභවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30