නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිද?

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමිනි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17)රැස්විය