නිමේෂ් සත්සරගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කර තිබෙනවා.

එමෙන්ම අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අද (30) මෙම නියෝගය නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බව සඳහන් කළා.

ඒ අනුව ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණකරුගේ දේහයෙන් ලබා ගන්නා ඇතැම් කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබෙන බවත් පොලීසිය පැවසුවා.

ඒ අනුව මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන් සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම සාක්ෂිකරුවන්ට ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඉකුත් 23 වැනිදා අධිකරණ නියෝගය අනුව බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ නැවත ගොඩ ගත්තා.

පසුව මෘතදේහය කොළඹ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අතර එහි පරික්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව මෘතදේහය 28 වැනිදා යලි ඥාතීන් වෙත භාර දුන්නා.

අප්‍රේල් 29 වැනිදා ඥාතීන් එක්ව යළි ඒ මෘතදේහය මිගහකිවුල සුසාන භුමියේ යළි භුමදානය කළ බව සත්සරගේ මව වන සමන්ති ලියනගේ මහත්මිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15