නින්දේදී ඔබටත් මේ රෝගය ඇතිවනවා ද?

මෙරට ජනගහනයෙන් සියයට 16කට ආසන්න පිරිසක් ”වරින්වර නිද්දේදී හුස්ම ගැනීම නතරවීමේ” (Obstructive Sleep Apnea) රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම රෝග තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ නින්දෙන් ගොරවන පුද්ගලයන් අතර බව ත්, විශේෂයෙන් ස්ථූල ශරීර ඇති පුද්ගලයන් මේ රෝග තත්ත්වයට ගොදුරුවීම බහුල බවත් එම පර්යේෂණයේදී හෙළි වී ඇත.

මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන්නන්ගේ ආශ්වාස හා ප්‍රාශ්වාස ක්‍රියාවලිය නිසි ලෙස සිදුනොවීම හේතුවෙන් ඔවුන් විවිධ රෝගාබාධවලට ගොදුරු වන බව ත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ කථිකාචාරිනි ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය, චන්දිමානි උඳුගොඩගේ සඳහන් කර සිටිනවා.

ඊයේ දිනට යෙදී තිබු ‘ලෝක නිදන දිනය’ නිමිත්තෙන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම තොරතුරු අනාවරණය කළා.

මෙවර ‘ලෝක නිදන දිනය’ “සුව නින්දක් – සපිරි මනසක් – සතුටු ලොවක්” තේමාව යටතේ පවත්වනු ලබන බව ද ඇය ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවේදී තවදුරට ත් අදහස් දක්වමින් වෛද්‍ය උඳුගොඩගේ කියා සිටියේ මේ රෝගී තත්ත්වය හේතුවෙන් නින්ද මද වීම හා ශරීරයට ඔක්සිජන් ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා ශ්වසන රෝග, ආඝාතය, ලිංගික දුබලතා, දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකි බවයි.

නින්දේදී පැයකට පස්වතාවකට වඩා හුස්ම ගැනීම නවතී නම් එය මෙම රෝගයේ ලක්ෂණයක් බවත්, නවින වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් සොයාගත හැකි බව පැවසූ ඇය මෙම රෝගීන් සියලුදෙනා නින්දේදී මහත් සේ ගොරවන නමුත් ගොරවන සියලුදෙනා මෙම රෝගයෙන් පෙළෙන්නන් නොවන බව ද කියා සිටියා.

මෙකී රෝග තත්ත්වය වැඩිහිටියන් අතර බහුලව දක්නට ඇති නමුත් දැන් දැන් ළමයින් හා තරුණයන් අතර ද රෝග තත්ත්වය වාර්තා වන බව පැවසූ වෛද්‍යවරිය, උපතින්ම මේ තත්ත්වය පවතින දරුවන් ද හමුවී ඇතැයි ද කියා සිටියා.

ශ්වසන රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවී මෙම තත්ත්වයට ප්‍රතිකාර ලබාගත හැකි යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03