spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් උළෙලට අදාළව අධිකරණ නියෝගයක්

නිදහස් උත්සවයට බාධා වන ආකාරයෙන් ගාලු මුවදොර ප්‍රදේශයට විරෝධතාකරුවන්ට ඇතුලු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ගාලුමුවදොර භූමියට ඇතුළුවීමේ සියලු මාර්ග වලට එනම් ගාලුපාර, නිදහස් වටරවුම, අලියා නාන වටරවුම, මාකර් මාවත, මුහුදු මාවත, ඇතුළු සියලු මංමාවත් වලට ඇතුළුවීම වළක්වාලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ අතර සාමකාමීව උද්ඝෝණ කිරීමට අයිතියක් ඇති බවත් එලෙස කටයුතු කළ හැකි බවයි සඳහන් කළේ.

ඒ අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු අතර එවැන්නක් සඳහා ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම ද තහනම් වනවා.

75 වන නිදහස් සැමරුම් උත්සවයට බාධා කරමින් අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෘත්තීය සමිති ඇතුලු සංවිධාන සූදානම් කර ඇති උද්ඝෝෂණය තහනම් කරන ලෙටස කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීමක් සලකා බලමිනුයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය ලබාදුන්නේ.

Court Order1
Court Order2
Court Order3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?