spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාමල් පොහොට්ටුවේ ග්‍රාමීය නායකයින් හමුවීමට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම්වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සමගාමීව මෙම “දසබල සේනා” වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (22) මොරටුවෙන් “දසබල සේනා” වැඩසටහන ආරම්භ කරන බවයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියාසිටියේ.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුන බව ඔහු සඳහන් කළා.

මීට අමතරව පොදුජන පෙරමුණට එල්ල කරන අසත්‍ය චෝදනා පිළිබඳ ග්‍රාමීය නායකයින් දැනුවත් කර සත්‍ය කුමක්දැයි ඔවුන්ට පැහැදිළි කර දීමට සූදානම් බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරාගෙන අසත්‍ය ප්‍රකාශවලට පිළිතුරු දීම සඳහා සූදානම් කරවන බව ද ඔහු කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?