නාමල් පොහොට්ටුවේ ග්‍රාමීය නායකයින් හමුවීමට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම්වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සමගාමීව මෙම “දසබල සේනා” වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (22) මොරටුවෙන් “දසබල සේනා” වැඩසටහන ආරම්භ කරන බවයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියාසිටියේ.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුන බව ඔහු සඳහන් කළා.

මීට අමතරව පොදුජන පෙරමුණට එල්ල කරන අසත්‍ය චෝදනා පිළිබඳ ග්‍රාමීය නායකයින් දැනුවත් කර සත්‍ය කුමක්දැයි ඔවුන්ට පැහැදිළි කර දීමට සූදානම් බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරාගෙන අසත්‍ය ප්‍රකාශවලට පිළිතුරු දීම සඳහා සූදානම් කරවන බව ද ඔහු කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14