නාමල්ට ඇමැති ධුර දෙන්න එපා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉදිරියේ පිහිටුවන සර්ව පාක්ෂික රජයක කිසිදු අමාත්‍ය තනතුරක් ලබා නොදෙන ලෙස ‘බ්ලැක් කැප්’ සංවිධානය සඳහන් කර සිටිනවා.

ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය රාජපක්‍ෂවාදයෙන් තොර නව පාලන තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීම යැයි බ්ලැක් කැප් මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

එහි මෙසේ ද සඳහන් වේ.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්‍ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් පසුගියදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු පත් කිරීම සඳහා ද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්‍ෂණය විය.

ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අප ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41