නාන්න විස්කි ගෙන ආ ව්‍යාපාරිකයින් තිදෙනා ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදෙස් මත්පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් තිදෙනෙක් ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ මෙම මත්පැන් සහ දුම්වැටි තොගය ගුවන් තොටුපොළේ
‘හරිත මාවත’ ඔස්සේ රට තුළට රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් ඊයේ (09) පස්වරු 04.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

පසුව ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිමකර ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටිය දී මොවුන් සම්බන්ධයෙන් සැක සිතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ව පරික්ෂා කිරීමේ දී මෙම මත්පැන් සහ දුම්වැටි තොගය සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් තිදෙනාගේ ගමන් මළු තුළ ලීටර් එකේ ලේබල් 05 වර්ගයේ විස්කි බෝතල් 124ක් සහ විදෙස් නිෂ්පාදිත දුම්වැටි 1,800ක් අඩංගු දුම්වැටි කාටූන් 09ක් සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් එක් අයෙක් 30 හැවිරිදි වියේ පසුවන කොළඹ – 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා 38 හැවිරිදි කොළඹ 12 සහ 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු විස්කි බෝතල් සහ දුම්වැටි තොගය සමඟ ව්‍යාපාරිකයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

1 10
2
3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03