Fly high Get bonus Aviator Phone

නාන්න විස්කි ගෙන ආ ව්‍යාපාරිකයින් තිදෙනා ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදෙස් මත්පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් තිදෙනෙක් ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ මෙම මත්පැන් සහ දුම්වැටි තොගය ගුවන් තොටුපොළේ
‘හරිත මාවත’ ඔස්සේ රට තුළට රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් ඊයේ (09) පස්වරු 04.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

පසුව ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිමකර ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටිය දී මොවුන් සම්බන්ධයෙන් සැක සිතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ව පරික්ෂා කිරීමේ දී මෙම මත්පැන් සහ දුම්වැටි තොගය සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් තිදෙනාගේ ගමන් මළු තුළ ලීටර් එකේ ලේබල් 05 වර්ගයේ විස්කි බෝතල් 124ක් සහ විදෙස් නිෂ්පාදිත දුම්වැටි 1,800ක් අඩංගු දුම්වැටි කාටූන් 09ක් සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් එක් අයෙක් 30 හැවිරිදි වියේ පසුවන කොළඹ – 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා 38 හැවිරිදි කොළඹ 12 සහ 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු විස්කි බෝතල් සහ දුම්වැටි තොගය සමඟ ව්‍යාපාරිකයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

1 10
2
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
17
+1
2
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?