spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව වසරේ පළමු සති දෙක තුළ දී පමණක් රුපියල් මිලියන 428.95 බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වුවද මේ මාසයේ පළමු සති දෙක තුළ දී පමණක් රුපියල් මිලියන 428.95 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා මහා භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා.

කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා සියයට 1.12 ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු සියයට 0.640 ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු සියයට 0.084 ක්, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු සියයට 0.024 ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු සියයට 0.072 ක් හා කොටස් ගනුදෙනු අයබදු සියයට 0.300 ක් බව කොළඹ කොටස් වෙළෙඳපොල පවසනවා.

රුපියල් මිලියන 100ට වඩා වැඩි ගනුදෙනු සඳහා අවම තැරැව්කාර ගාස්තු (අවමය) සියයට 0.200 ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු සියයට 0.0525 ක්, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු සියයට 0.0150 ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු සියයට 0.0450 ක් හා කොටස් ගනුදෙනු අයබදු සියයට 0.300 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?