නර්ථන කණ්ඩායමක් ගිය වෑන් රථයක් අනතුරක

බදුල්ල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

නර්ථන කණ්ඩායමක සාමාජික සාමාජිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ වෑන් රථයක් අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නිල්බෝවිල කළු පාලම අසලදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

වෑන් රථය පදවා ඇත්තේ නර්ථන කණ්ඩායමේ හිමිකරු විසින් වන අතර ඔහුට නින්ද යාම හේතුවෙන් අනතුරට සිදුවන්නට ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූවන් අතර අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන තැරණියන් 8 දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු මෙන්ම වෑන් රථයේ රියදුරා ද වනවා.

ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

බණ්ඩාරවෙල දෝව රජමහා විහාරස්ථානයේ පැවති පෙරහැරක නර්ථනයෙන් සහභාගී වී නැවත බදුල්ලට පැමිණෙමින් සිටියදී හාලිඇල ගණදෙවි කෝවිල ආසන්නයේදී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55