නගරය මැද පොලිස් රියකට කල අපරාධය

බේරුවල නගරයේ ඔරලෝසු කණුව අසල දි බේරුවල පොලිසියේ රාත්‍රීජංගම මුර සංචාරක ත්‍රීවිල් රථයේ ඉදිරිපස ප්‍රධාන වීදුරුවට පහරදී එහි ගමන් පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .

බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අධික ලෙස මිතුරන් කණ්ඩායමක් සමග මත්පැන් පානය කර නිවසට යන අතරතුර ඔහු ගමන් ගත් රථයෙන් බලහත්කාරයෙන් බැස බේරුවල නගරයේ පිරිසක් සමග කලා කාරීව හැසිරෙන බවට බේරුවල පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව ක්‍රියාත්මකවූ පොලිසිය එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණිබව කියයී.

එලෙස පොලිස් නිලධාරීන් පැමිණිජංගම පොලිස් මුර සංචාරක ත්‍රීරෝද රථයටත් ත්‍රිරෝද රියෙන් පැමිණි පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමෙන් ඇද බීමත්ව අශෝභන ලෙස හැසිරුණු එම සැකකරු මෙල්ල කර බව කියයි.

එම අවස්ථාවේ පැමිණි බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කැඳවා ධීවර කාර්මිකයකු බව කියන සැකකරුව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අධික බීමතින් පසුවන අයකු බව සනාථ කරගත් පොලිස් කණ්ඩායම එම සැකකාර පුද්ගලයා ව රෑ පහන් වනතුරු පොලිස් සිර මැදිරියේ තැබීමට කටයුතු කළ බවත් කියයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57