spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නගරයට කඩා වැදුණු වන අලියෙක් යකා නටයි (වීඩියෝ)

අද (06) දහවල් 1.30ට පමණ දියබෙදුම නගරය ට කඩා වැදුණු වන අලියකු කුලප්පු වී නගරයේ කඩ සාප්පු හා නගරයේ නවතා තිබූ වාහනවලට හානි කරන ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු තම ජංගම දුරකතන කැමරාවේ සටහන් කරගෙන තිබෙනවා.

දියබෙදුම නගරයට අද මෙලෙස කඩා වැදුණු වන අලියා නගරය පුරා සැරිසරමින් වාහන රැසකට පහරදී විනාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් ඇති අතර නගරය පාළු ස්වභාවයක් ගෙන තිබූ බව සඳහන්.

වන අලියා ප්‍රධාන මාර්ගයේ තිබූ වාහන රැසකට පහර දෙමින් නගරය පුරා ඒ මේ අත ඇවිද ගොස් ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අද අලුයම් කාලයේ නගරයට පැමිණ ඇති වන අලියා දියබෙදුම ප්‍රාදේශීය රෝහල් භූමියට කොටුවී සිටියදී ජනතාව දැකීමත් සමඟ රෝහල් භූමියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ නගරය හරහා ගිරිතලේ රක්ෂිතයට පළා ගොස් තිබෙනවා.

https://www.youtube.com/watch?v=6rD3jfOH3IU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?