spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධම්මිකගේ එක දවසෙන් දී කෝටි 1,500 ක් උපයයි..!

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් ඊයේ දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?