ධම්මිකගේ එක දවසෙන් දී කෝටි 1,500 ක් උපයයි..!

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් ඊයේ දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09