ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .
ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටි අතර ඔවුන් (03) දින රාත්‍රී 10.55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,
මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය . එසේම මෙම කාලය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය .
එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.





















GODAK EWUNGE WAGEMA MUGETH NAHETA NAHANA ATTARA PENUMA ADUWAK NATHIWA THIYENAWA. DIMUTH, MENDA, DASUN, DDS, JANITH ME OKKOMA NAHETA NAHANA WALIBARA YAKKA PUTHTHU. PITCH EKATA AWOTH BAT SAHA BOLA PALANAWA AYE WENA EKEKUTA KISIMA WEDAK GANNA BERI WENNAMA, MUNTA LANWENA LANKARA GANNA GENUNTATH WENNE ANNA EKAMA THAMAYI