ධනුෂ්ක ගුණතිලකට සහනයක් (ඡායාරූප)

ඕස්ට්‍රේලියානු කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නියමකර තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ගුණතිලක විසින් තම ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් සිඩ්නි හි අධිකරණයක් වෙත මෝසමක් ඉදිරිපත්කර තිබුණා.

එම මෝසම සලකා බලමින් අධිකරණය විසින් මෙම සහනය ඔහුට ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගුණතිලකට පසුගිය 2022 වසරේ නොවැම්බරයේ දී අධිකරණය විසින් ඇප ලබා දුන් අතර, එහිදී ඔහුට ටින්ඩර් සහ වෙනත් සමාජ මාධ්‍ය භාවිතය කිරීම තහනම් කෙරුණා.

මේ අතර කිසියම් හෙයකින් ඔහුට පනවා තිබෙන ඇප කොන්දේසි කඩ කළහොත් නඩු විභාගයක් හෝ දඬුවමක් ලැබෙන තුරු මාස ගණනාවක් අත්අඩංගුවේ සිටීමට සිදුවනු ඇති බවයි මෙම සහනය ලබාදෙමින් මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් අනතුරු අඟවා සිටියේ.

332497726 668943305231418 7810733771459428711 n
332578450 6590331347663015 8942529761408357452 n
332915769 917782529249600 829685091391536446 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43