ධනුෂ්ක ගුණතිලකට සහනයක් (ඡායාරූප)

ඕස්ට්‍රේලියානු කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නියමකර තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ගුණතිලක විසින් තම ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් සිඩ්නි හි අධිකරණයක් වෙත මෝසමක් ඉදිරිපත්කර තිබුණා.

එම මෝසම සලකා බලමින් අධිකරණය විසින් මෙම සහනය ඔහුට ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගුණතිලකට පසුගිය 2022 වසරේ නොවැම්බරයේ දී අධිකරණය විසින් ඇප ලබා දුන් අතර, එහිදී ඔහුට ටින්ඩර් සහ වෙනත් සමාජ මාධ්‍ය භාවිතය කිරීම තහනම් කෙරුණා.

මේ අතර කිසියම් හෙයකින් ඔහුට පනවා තිබෙන ඇප කොන්දේසි කඩ කළහොත් නඩු විභාගයක් හෝ දඬුවමක් ලැබෙන තුරු මාස ගණනාවක් අත්අඩංගුවේ සිටීමට සිදුවනු ඇති බවයි මෙම සහනය ලබාදෙමින් මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් අනතුරු අඟවා සිටියේ.

332497726 668943305231418 7810733771459428711 n
332578450 6590331347663015 8942529761408357452 n
332915769 917782529249600 829685091391536446 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
55
අවුල් වගේ !
2
හරි හිනා !
29
හම්මෝ !
4
මාර දුකයි !
8
මලපනිනව !
12
කුජීතයි !
12
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?