ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේදී තම 10 වන අර්ධ ශතකය ලබා ගැනීමට ධනංජය ද සිල්වා සමත්වුණා.
ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 79කට මුහුණ දෙමින්.
නෙදර්ලන්තය සමග බුලවායෝහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.
ධනංජය ද සිල්වා සමගින් මහීෂ් තීක්ෂණ පන්දුවට පහරදෙමින් සිටිනවා.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
සධීර සමරවික්‍රම එක් ලකුණක් සහ චරිත් අසලංක ලකුණු දෙකක් ලබා ගත්තා.
නායක දසුන් ශානක ලකුණු 5යි. කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ වනිඳු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Logan van Beek කඩුලු 3ක් බිඳ හෙලා තිබෙනවා.














MAL SAMAYA AWASANAYI. GUTI KANA SAMAYA A WAGAYI.