දේශබන්දු තෙන්නකෝන් ගැන පෙත්සමේ තීරණය කල් යයි

ගාලුමෝදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන්න තීන්දුව ලබන 27 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

මෙම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් විකුම් ද ආබෘ යන මහත්වරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතාවලට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පිළිතුරු ලබාදුන්නා.

ඉන් අනතුරුවයි අදාළ පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

රාමලිංගම් රන්ජන් නැමැති නීතීඥවරයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51