දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සමකට විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය කල් දෙයි

තමා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසටයි නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම නඩුකරයට පාදක වන ලිපිය පෙත්සම්කරු ඉලක්ක කර ගනිමින් නිකුත් කර නොමැති බවයි.

මෙම නඩුවට අදාළව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ විරෝධතා මැයි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කළ අතර ප්‍රතිවිරෝධතා තිබේ නම් මැයි මස 31 වැනිදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සඳහා ජුනි මස 5 වැනිදා කැඳවීමට ද දින නියම කරනු ලැබුවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධිය සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බවයි.

යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බවත්
එවැනි තීරණයක් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවත්
මේ තුළින් තමන්ට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා තම පෙත්සමෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ සහ ඒ මත තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම පසුගියදා සලකා බැලූ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09