දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සමකට විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය කල් දෙයි

තමා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසටයි නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම නඩුකරයට පාදක වන ලිපිය පෙත්සම්කරු ඉලක්ක කර ගනිමින් නිකුත් කර නොමැති බවයි.

මෙම නඩුවට අදාළව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ විරෝධතා මැයි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කළ අතර ප්‍රතිවිරෝධතා තිබේ නම් මැයි මස 31 වැනිදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සඳහා ජුනි මස 5 වැනිදා කැඳවීමට ද දින නියම කරනු ලැබුවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධිය සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බවයි.

යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බවත්
එවැනි තීරණයක් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවත්
මේ තුළින් තමන්ට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා තම පෙත්සමෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ සහ ඒ මත තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම පසුගියදා සලකා බැලූ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46