spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේවගැති ජෙරෝම් තවදුරටත් රිමාන්ඩ්

බුදු දහම ඇතුළු ආගම්වලට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරෝම් ප්‍රනාන්දු ලබන 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විමර්ශනයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සී.ඩී තැටියක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මෙය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් බැවින් ලබන 03 වනදා එම අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කර තිබෙනවා.

එදින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?