දෙහිවල ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක්

දෙහිවල රෝහල් පාර  ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු දෙකක් ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන්
නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙලෙස නියෝග ලබාගෙන ඇත්තේ වායු සමීකරණ ආයතනයේ හිමිකරු සහ කළමනාකරුවෙකුට එරෙහිවයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි තරුණයෙක්.

ඝාතනයට අදාළව වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් දෙදෙනා පදිංචිව සිටින ස්ථානයක් සම්බන්ධයෙන් සේවා ස්ථානයේ නිලධාරීන් ද නොදන්නා බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු පැන යාමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසමිනුයි සැකකරුවන් මෙම පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණේ.

සැකකරුවන් ලොරි රථයකින් එම පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටීම හේතුවෙන් රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වූ බවට සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන තිබූ බව සඳහන්.

අනතුරුව ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී  එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සැකකරුවන් අපරාධය සිදු වූ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇතැයි ද සඳහන්.

කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු පසුව රෝහලෙන් පළා ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44