දෙවන රැල්ලේ කොරෝනා මරණ 94ක්

සමස්ත මරණ වලින් සියයට 42ක් වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින්

මෙරට ව්‍යාපත් වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වී ඇති බව කොවිඩ් -1 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ සම්පුර්ණ කොවිඩ් ආසාඩිත මරණ සංඛ්‍යාව 107ක්.

එලෙස වාර්තා වූ මරණ වලින් 40 දෙනෙකු වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 42.55% ක් වනවා. මීට අමතරව වයස අවුරුදු 61-70 අතර පුද්ගල මරණ 20ක් (21.27%) , අවුරුදු 51-60 අතර පුද්ගල මරණ 16 (17.02 %), අවුරුදු 41-50 අතර පුද්ගලයින් 11ක් (11.70%) වාර්තා වී ඇත.

මේ අතර වයස අවුරුදු 31-40 අතර පසුවන පුද්ගල මරණ 4ක් (4.25%) සහ අවුරුදු 10-30 ත් අතර පසුවූ පුද්ගල මරණ 3ක් (3.19%) වාර්තා වී ඇති එම එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 473 දෙනෙකු වාර්තා වී තිබුණා. ඉන් 138 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබු අතර තවත් 63 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මිට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයන් ආසාදිතයින් 35ක්, කුරුණෑගල දිස්ත්‍රික්ක 14ක්, කෑගල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 05 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක තුලින් ආසාදිතයින් තිදෙනා බැගින්ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකුද වාර්තා වී තිබෙනවා.

ගාල්ල, අනුරාධපුර, යාපනය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක වලින් ද එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33