දෙමටගොඩ රුවන්ගේ කෝටි 150කට අධික දේපොළ මුදාහැරීම ගැන තීන්දුව අප්‍රේල් 24 වැනිදා

නීතිවිරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික දේපළ සන්තකයේ තබා ගත්තේ යැයි අධිචෝදනා ලැබ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්ගේ බිරිඳට, අනියම් බිරිඳට හා දරුවන්ට අයත් දේපළ තවදුරටත් තහනම් කිරීමට නීතිපතිවරයා වසරක් තිස්සේ කටයුතු කර නොමැති බැවින් එම දේපළ මුදාහරින ලෙස නීතිඥ ගාමිණී අල්විස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (06) ඉල්ලා සිටියා.

සැකකාර රුවන්ගේ රුපියල් කෝටි 150කට අධික දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු තුනක් පවරා තිබුණත් ,ඔහුගේ බිරිඳට අනියම් බිරිඳට හා දරුවන්ගේ නමට ඇති රුපියල් කෝටි හැත්තෑවකට අධික දේපළ සම්බන්ධයෙන් නඩු පැවරීමක් හෝ දේපළට තහනමට ගැනීමේ අධිකරණ නියෝගයක් 2024 පෙබරවාරි මාසයේ සිට ලබාගෙන නොමැති බැවින් දේපළ මුදා හැරීමේ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ද නීතිඥවරයා පෙන්වා දුන්නා.

Range Rover, BMW ඇතුළු සුඛෝපභෝගී වාහන තුනක්,රුපියල් 20,679,650.00 වටිනාකමින් යුත් රත්තරන් කිලෝ එකහමාරක් දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි මහල් තුනකින් යුත් සුඛෝපභෝගී නිවසක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවසක් මෙසේ මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී දෙමටගොඩ රුවන්ගේගේ පුත් සිරිනාථ පතිරණලාගේ තරිඳු මධුසංඛ සහ බිරිඳ වන ජෝන් පීටර්ලාගේ ශානිකා සැකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

දේපළ ඉල්ලා සිටිමින් විශේෂ මෝසමක් ගොනු කළ නීතිඥ ගාමිණී අල්විස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් 2021 වසරේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් 2022 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබාගෙන ඇති මුත් ඉන් පසුව තහනම් කිරීමේ නියෝගයක් නීතිපතිවරයා විසින් කිසිදු අධිකරණයකින් ලබාගෙන නොමැති බවයි.

එම දේපල සම්බන්ධයෙන් නඩු පැවරීමක් ද සිදුකර නොමැති බව වැඩිදුරටත් සඳහන් කළා.

2022 පෙබරවාරි මාසයේ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් මහාධිකරණය මගින් ලබාගෙන ඇති බවත්,එම නියෝගය 2024 වසරේ පෙබරවාරි මස කල් ඉකුත් වී ඇති බව ද පැවසුවා.

එසේ ක්‍රියා විරහිත කිරීමේ නියෝගය කල් ඉකුත් වීමෙන් පසුව අධිකරණයට කිසිදු නියෝගයක් ඉදිරිපත් කර නොමැති බවත් එබැවින් දේපළ යළි මුදා හැරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය බාධාවක් නොමැති බැවින් යළි හිමිකරුවන්ට මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නම් කරන ලද දෙමටගොඩ රුවන්ගේ අනියම් බිරිඳ වන සුබෝදාට ,පුතු තරිඳුට හා බිරිඳට මෙම දේපළ හිමි බව ද පැවසුවා.

2021 වසරේදී අත්අඩංගුවට ගත් මෙම දේපල 2011 අංක 40 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කර නියෝග ගැනීමට පොලිසියට හැකි වුවත්, එම දේපළ සම්පූර්ණයෙන් තහනම් කර රැගෙන යාමට පොලිසියට බලයක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා සියලු දේපළ පොලිස් භාරයට ගෙන ඇති බැවින් අදාළ නිවාස සොර සතුරන් නිසා විනාශ වී යන බව ද පෙන්වා දුන්නා.

ක්‍රියා විරහිත කළ දේපළ සැකකරුවන්ට භාවිතා කිරීමට ඉඩ නොදීමෙන් සිදු වූ අගතිය සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද නීතිඥවරයා එහිදී සඳහන් කළා.

ඊට අදාළ පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ අදාළ දේපළ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බැවින් යළි මුදා හැරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ නීතිඥ ගාමිණී අල්විස් මහතා සඳහන් කර සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ජනරාල් සුදර්ශන සිල්වා මහතා මහාධිකරණයේ සඳහන් කර ඇති පරිදි 2024 වසරේ සිට කිසිදු නියෝගයක් නොමැති බවයි.

පොලිස් නිලධාරින් පවසන පරිදි එසේ තහනම් නියෝගයක් ඇත්නම් එය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද සඳහන් කළා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ නඩුවේ ලේඛන සහ මහාධිකරණ නියෝගයන් සලකා බලා දේපළ මුදා හරින්නේද ?නැද්ද? යන්න පිළිබඳ නියෝගය අප්‍රේල් 24 වැනි දින නිකුත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23