දුම්රිය ස්ථානාධිපතිට පහරදුන් 2ක් අත්අඩංගුවට

බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) වැනිදා රාත්‍රී 7ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තුන් දෙනෙකු ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ රාත්‍රී බෝලවත්ත දුම්රිය ස්ථානයටතුළ ඇති ආසන වල වාඩිවී මත්පැන් පානය කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කිරීමට නොහැකි බව පවසා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව එම පුද්ගලයින් තිදෙනා මන්නා පිහියක් සහ රීප්ප පටියක් ද රැගෙන පැමිණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී දුම්රිය ස්ථානයටද අලාභ හානි කර පිටව ගොස් තිබෙනවා.

පහර කෑමට ලක්වූ පිරිස විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු සහ මිරිස්සන්කොටුව පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36