spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව ලබන වසරේ නවසීලන්තයට

දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මාර්තු මාසයේ දී නවසීලන්තය බලා යෑමට සැලසුම්කර තිබෙනවා.

එම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.

තරග සංචාරය අරඹමින් ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වනදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වීමට නියමිත අතර එක්දින තරගවලිය ඇරඹෙන්නේ මාර්තු 25 වනදා ඕක්ලන්ඩ් නුවරදීයි.

විස්සයි විස්ස තරගාවලිය ඕක්ලන්ඩ් හිදී ආරම්භ වන්නේ අප්‍රේල් මස 02 වනදායි.

මාර්තු 09 – මාර්තු 13, පළමු ටෙස්ට් තරගය, ක්‍රයිස්චර්ච්
මාර්තු 17 – මාර්තු 21, දෙවන ටෙස්ට් තරගය, වැලින්ටන්
මාර්තු 25 – පළමු එක්දින තරගය, ඕක්ලන්ඩ්
මාර්තු 28 – දෙවන එක්දින තරගය, ක්‍රයිස්චර්ච්
මාර්තු 21 – තුන්වන එක්දින තරගය, හැමිල්ටන්
අප්‍රේල් 02 – පළමු විස්සයි විස්ස තරගය, ඕක්ලන්ඩ්
අප්‍රේල් 05 – දෙවන විස්සයි විස්ස තරගය, ඩනෙඩින්
අප්‍රේල් 08 – තෙවන විස්සයි විස්ස තරගය, කුවින්ස්ටවුන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?