spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට හදිසි කැඳවීමක්

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ඔවුන් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිත බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා සඳහන් කළා.

මේ අතර මැතිවරණ කටයුතු සඳහා පෙබරවාරි මාසයට රුපියල් මිලියන 770ක පමණ මුදලක්, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද ඊට තවමත් ප්‍රතිචාරයක් නොලැබී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?