දිවි පුදා හෝ වංචා දූෂණ නතර කරනවා – මිහින්තලේ විහාරාධිපති හිමි

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමි මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා අද මහනුවරට පැමිණ තිබෙනවා.

වර්තමානයේ බුද්ධ ශාසනයට මෙන්ම මහා සංඝරත්නයට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් මහා නාහිමිවරු දැනුවත් කිරීම සඳහා මෙලෙස පැමිණි බවයි එම හිමියන් සඳහන් කළේ.

ප්‍රථමයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක පවතින තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ ද දැනුවත් කර තිබෙනවා.

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මිහින්තලේ විහාරාධිපති හිමි කියා සිටියේ මෙරට වංචාවට, දූෂණයට මෙන්ම අවනීතියට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහා සංඝරත්නය දඩයම් කිරීමේ වෑයමක රජය නිරතව සිටින බවයි.

ඉදිරි අයවැයෙන් තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන වත්මන් රජය පලවා හැරිය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

මිහින්තලේ පූජා භූමියේ සංවර්ධන කටයුතුවල නිරතව සිටින හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් කටයුතු කිරීමෙන් අවැඩක් වෙන්නේ තමාට නොව මුළු මහත් බුද්ධ ශාසනයට බවද සඳහන් කළ උන්වහන්සේ කියා සිටියේ මිහින්තලා පුද බිම තමාගේ පුද්ගලික අයිතිවාසිකමක් නොව මුළු මහත් බෞද්ධාගාමිකයන්ට අයත් පුණ්‍ය භූමියක් බවයි.

මෙම අකටයුතු නවතා දමන තෙක්ම සටන රැගෙන යන බවත් ජීවිතය පූජා කර හෝ වංචා දූෂණය හා ජන පීඩනය නතර කරන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14