දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවටයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26