දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් හෙට වැසේ

හෙට (03) දිනයේ දී දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ජාත්‍යන්තර අමද්‍යප දිනය හෙට (03) දිනට යෙදී තිබීමේ හේතුවෙන් මෙලෙස දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.