spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ, අනුව අද (12) දහවල් 12:11ට වන්චියන්කුලම්, ඕමන්ත, එරමඩු සහ තිරියායි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?