දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර , ඌවසහ දකුණු පළාත්වලඋදෑසන කාලයේදී වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව,දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.