දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් හිරු මුදුන් වනවිට, තවත් ප්‍රදේශ කිහිපයට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (01) හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල, නාච්චදූව, පඩිකාරවල, ගෝමරන්කල්ල සහ වෙරුගල් යන ප්‍රදේශවලට අද (01) දහවල් 12.10ට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේ දී, පසුගිය අගෝස්තු 28 වැනිදා සිට මෙම මස 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව, අක්ෂාංශවලට ඉහළින් සෘජුවම පවතිනවා.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම ඌව පළාතෙත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (01) පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයක්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40