දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමති, ජනපති සහ මෙරට විදේශ කටයුතු ඇමති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අද (20) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති අතර, එම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා තිබෙනවා.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අතර හමුවක් ද ඊයේ (19) පවත්වා තිබෙනවා.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සහ වෙළඳ සහ ආයෝජන අවස්ථා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද (20) රාත්‍රියේ දිවයිනෙන් පිටටත් යාමට නියමිත අතර, ඊට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37