දින 3ක් හාමතේ සිටි දරුවන් වෙනුවෙන් හාල් කිලෝ 03ක් සොරාගත් පියෙකු අත්අඩංගුවට

සහල් කිලෝ 03ක් සහ කුඩා ප්‍රමාණයේ ධාන්‍යමය ආහාර පැකට්ටුවක් සොරාගත් පියෙකු බොරැල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම දෙදරු පියා දරුවන් දින 04ක් පුරා කුසගින්නේ සිටීම නිසා බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් මෙම භාණ්ඩ සොරාගෙන තිබුණා.

බොරැල්ල පොලිසියට රැගෙන ආ මෙම පියා සත්‍ය කරුණු ප්‍රකාශ කිරීමත් සමඟ එම සොරාගත් භාණ්ඩවල වටිනාකම පොලිස් නිලධාරියෙකු පියවා ඇති අතර පසුව ඔහුට උපදෙස් ලබා දී මුදා හැර තිබෙනවා