දිනේෂ් ෂාෆ්ටර්ගේ නඩුව ගැන විශේෂ නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් භාවිතා කරන ලද ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිඝණක වහාම රජයේ රස පරීක්ෂකවරයාට වෙත යොමුකර වාර්තාවක් ගන්නා ලෙස අධිකරණයට පොලිසියට නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් සමීප ලෙස ඇසුරු කරන ලද ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තොමස්ගේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණකය ඇතුළු ඔහුගේ සමිපතමයන්ගේ නඩු භාණ්ඩ 20ක් වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මෝසමක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු භාණ්ඩ ද අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මේ වන විට පංච පුද්ගල විද්වත් කමිටුවක් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එහි වාර්තාව මෙතෙක් ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14