spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනපතා ආකර්ෂණීය පොලියක් ලබා ගන්නා ලෙස දන්වමින් සිදු කළ දැවැන්ත මූල්‍ය වංචාවක්

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කර දිනපතා ආකර්ෂණීය පොලියක් ලබා ගන්නා ලෙස සති අග පුවත් පතක දැන්වීම් පළ කර ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කළ  පුද්ගලයෙක්  සම්බන්ධයෙන් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කළ බව කැස්බෑව පොලිසිය පවසනවා.

මූල්‍ය ආයතන පවත්වාගෙන යන පුද්ගලයාට රැවටී  නීතිඥවරියක් ලක්ෂ 28ක මුදලක් ද  ඇයගේ ස්වාමි පුරුෂයා ලක්ෂ 60 ක මුදලක් ද සහෝදරයෙකු ලක්ෂ 55ක මුදලක් ද ආයෝජනය කර ඇති බව  විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එම නීතිඥවරිය ද මෙම මූල්‍ය ආයතනය ව්‍යාජ මූල්‍ය  ආයතනයක් බව නොදැන අනෙකුත් ගනුදෙනු කරුවන් සඳහා ගිවිසුම් පත්‍රය සකස් කළ තැනැත්තිය බව පොලිසිය කියයි

පිලියන්දල මඩපාත ගෝනමඩිත්ත පාරේ මූල්‍ය ආයතනය පවත්වාගෙන යන  එම පුද්ගලයා මඩපාත ,මාකන්දන තැඹිලි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් 2021  අගෝස්තු පල වෙනි දින ප්‍රසිද්ධ සති අග පුවත්පතක දැන්වීම පළ කර මෙම ව්‍යාජ මූල්‍ය ආයතනයට ප්‍රසිද්ධිය ලබාදී තිබෙනවා.

” ආදායම් මාර්ගයක් ව්‍යාපාරික අවස්ථාවක් ඇවැසිව  සිටින ඔබ අප සමඟ සම්බන්ධව  ජාත්‍යන්තර මූල්‍ය  වෙළඳ පොලේ ආයෝජනය කර රුපියල් ලක්ෂයක මුදලකට දිනකට රුපියල් 525 බැගින් ලාභය ඔබේ ගිණුමට බැර කරන බවට යනුවෙන් දුරකථන අංකයක්ද සඳහන් කර දැන්වීම් පළ කර තිබූ බව පොලිසිය පැවසීය. සැකකරුගේ එම දැන්වීමට රැවටුණු පුද්ගලයන් රැසකගෙන් විසි දෙනෙකු පමණ කැස්බෑව පොලිසිය වෙත පැමිණ එම මුදල් ගණුදෙනු වලට අදාලව නීතිඥවරීයගේ නිල මුද්‍රාව තබා සහතික කරන ලද ගිවිසුම් පත්‍ර පොලිසිය වෙත ඉදිරිපත් කර තිබිණි

එලෙස ලද පැමිණිලි වලින් රුපියල් ලක්ෂ 10 ට අඩු මුදලක් තැන්පත් කළ ගනුදෙනුකරුවන්  කීපදෙනකුගේ පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවල දී  සැකකරු වැල්ලවත්ත වේළුවනාරාම පාර ප්‍රදේශයේ  ලිපිනයකට වෙනත් නමකින් ද පෙනී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර  2020 අගෝස්තු මස 28 වැනි දින කොළඹ වංචා විමර්ශනය අංශය මඟින් ද මුදල් වංචා කිරීමේ වරදකට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරුට විරුද්ධව අපරාධ චෝදනා සහ ණය ආපසු  අය කර ගැනීමේ පනත යටතේ  යුතු කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකසා ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. රුපියල් ලක්ෂ 10 වඩා සැකකරුගේ ව්‍යාජ මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ අනෙකුත් ගනුදෙනුකරුවන් ගල්කිස්ස කොට්ඨාසය විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත යොමු කළ බව උසස් නිළධාරියෙකු පැවසීය

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය  මහතාගේ උපදෙස් මත කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
7
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?