දරු ප්‍රසූතියට ආසන්න බිරිඳගේ උදරය පාගා ඇඳ පොල්ලෙන් ගසයි

තරුණ සැමියෙකු තම බිරිදගේ දරු ප්‍රසූතියට ආසන්නව සිටියදි හිසට සහ උදරයට ඇඳ පොල්ලකින් පහරදී උදරය පාගා ඇය මරාදැමීමට උත්සාහ කල වරදට මේ මස 24දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. බිරිඳගේ ගර්භයේ සිටි බිළිඳා මරාදැමූ බවට ද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයාට චෝදනා එල්ල වනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වන්නම්කුලම උට්ටිමඩුව තිරප්පනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුයි.සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ තිරප්පනය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ, සැකකරුගේ 40 හැවිරිදි බිරිය වන දෙදරු මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිස් මුරපොළට සිදුකර තිබෙන පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බිරියට තර්ජනය කිරීමට රෝහලට පැමිණි අවස්ථාවේදී බවයි.

පසුගියදා සැකකරු බිරිය නිවෙසට ගෙන්වාගෙන “තෝ ජීවත්වෙලා හිටියොත් තමයි මට නඩු” කියමින් ස්ටූලයකින් හිස පුපුරා යන අන්දමින් පහරදී පාළු හේන් යායකට ඇදගෙන ගොස් බිම දමා පාගා උදරයට ඇඳ පොල්ලකින් අමානුෂිකව පහරදී ඇයව පාළු පැලක දමා නිවෙසට පැමිණ ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09