දරු දෙදෙනාගේ සහ 33 හැවිරිදි පියාගේ මළ සිරුරු අරණායක අම්බලමක් තුළ

අරණායක, පොල්අඹේගොඩ, ගොඩිගමුව අම්බලමේ තිබී ළමුන් දෙදෙනෙකුගේ සහ පියෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

අද (06) අලුයම මොවුන් තිදෙනාගේ සිරුරු සොයාගත් බවයි අරණායක පොලිසිය සඳහන් කළේ.

ගොඩිගමුව ප්‍රදේශයේම පදිංචි පියා සහ දරුවන් දෙදෙනා පවුලේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඊයේ (05) සවස නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක පිරිමි දරුවෙක්, වයස් අවුරුදු 09ක ගැහැණු දරුවෙක් සහ ඔවුන්ගේ 33 හැවිරිදි පියා බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ පියා විසින් දරුවන් දෙදෙනාව පළමුව ඝාතනය කර ඔහු ද ගෙළවැලලාගෙන මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි පරීක්ෂණ සොදුකරන පොලිසිය සැකපළ කරන්නේ.

අද (06) උදෑසන අම්බලම අසලින් ගමන් ගත් ළමයෙක් මෙම මළ සිරුරු දැක වැඩිහිටියන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව වැඩිහිටියන් විසින් අරණායක පොලිසියට මේ සම්බන්ධව දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05