spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරු දෙදෙනාගේ සහ 33 හැවිරිදි පියාගේ මළ සිරුරු අරණායක අම්බලමක් තුළ

අරණායක, පොල්අඹේගොඩ, ගොඩිගමුව අම්බලමේ තිබී ළමුන් දෙදෙනෙකුගේ සහ පියෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

අද (06) අලුයම මොවුන් තිදෙනාගේ සිරුරු සොයාගත් බවයි අරණායක පොලිසිය සඳහන් කළේ.

ගොඩිගමුව ප්‍රදේශයේම පදිංචි පියා සහ දරුවන් දෙදෙනා පවුලේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඊයේ (05) සවස නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක පිරිමි දරුවෙක්, වයස් අවුරුදු 09ක ගැහැණු දරුවෙක් සහ ඔවුන්ගේ 33 හැවිරිදි පියා බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ පියා විසින් දරුවන් දෙදෙනාව පළමුව ඝාතනය කර ඔහු ද ගෙළවැලලාගෙන මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි පරීක්ෂණ සොදුකරන පොලිසිය සැකපළ කරන්නේ.

අද (06) උදෑසන අම්බලම අසලින් ගමන් ගත් ළමයෙක් මෙම මළ සිරුරු දැක වැඩිහිටියන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව වැඩිහිටියන් විසින් අරණායක පොලිසියට මේ සම්බන්ධව දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?