දරුවන්ගේ කුසගිනි නිවන්න ගසකට නැඟි සිව්දරු මව ජීවිතක්ෂයට

කොස් ගෙඩියක් කැඩීමට ගසකට නැඟී කාන්තාවක් කොස් ගසෙන් වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ති කුමාරී නැමති 50 හැවිරිදි කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරියන් සිව්දෙනෙකුගේ මවක් වන අදාළ කාන්තාව පසුගිය 10 වනදා දහවල් ආහාර වේල සකසා ගැනීමට නිවස අසළ කොස් ගසේ තිබූ කොස් ගෙඩියක් කඩා ගැනීමට විවිධ උත්සාහයන් දරා ඇති බවයි වාර්තා වන්නේ.

දිගු රිටකට පිහියක් බැඳ කොස් ගෙඩිය කඩා ගැනීමට ඇය විසින් උත්සාහ දරා ඇති අතර එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව ඇය කොස් ගස අසළ තිබූ සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇති නමුත් එයද සාර්ථක වී නැහැ.

සියලු උත්සාහයන් දැරූව ද එය අසාර්ථක වූ පසු දරුවන්ගේ කුසගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැඟ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය කොස් ගසෙන් ඇද වැටී ඇති අතර, පසුව ඇයගේ දරුවන් හා ප්‍රදේශවාසින් එක්ව ඇයව ගම්පොළ රෝහලට අතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව ඊයේ (18) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18